2026 පෙබරවාරි 27, පෙ.ව. 12:04
ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා රජය සහ ට්‍රයිඩන් සමාගම එක්ව මෙරට බලශක්ති ක්ෂේත්‍රයට රුපියල් කෝටි 400කට අධික මූල්‍ය අලාභයක් සිදු කර ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
රජය පළමු නැව හැර අනෙක් නැව්වල වංචාවක් නැතැයි පවසමින් ජනතාවගේ “ඇසට වැලි ගසන” බවත්, මේ වන විට පුලුස්සා අවසන් කර ඇති නැව් 9ක හෝ 10ක සත්‍ය දත්ත මගින් මෙම වංචාව තහවුරු වන බවත් ඔහු පෙන්වා දෙයි.
රණවක මහතා පවසන පරිදි, පොරොන්දු වී තිබුණේ කිලෝ කැලරි 6150ක ඉහළ ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50ක මිලකට ලබාදීමටයි.
එහෙත් එම සමාගම විසින් සපයා ඇත්තේ කිලෝ කැලරි 5500ක බාල ගල්අඟුරු වන අතර, එවැනි බාල ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 60ක් හෝ 65ක් වැනි මිලකට ලබාගත හැකි බව ඔහු අනාවරණය කළේය.
මෙම බාල ගල්අඟුරු ඉහළ මිලකට ලබාදීම හරහා ට්‍රයිඩන් සමාගම එක් ටොන් එකකින් ඩොලර් 20ත් 30ත් අතර අතිරේක ලාභයක් උපයා ඇති බවත්, සමස්තයක් ලෙස එක් නැවකින් ඩොලර් මිලියන 12ත් 15ත් අතර මුදලක් වංචනික ලෙස උපයා ඇති බවත් හෙළි විය.
ලංකා විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත අනුව, සෑම ගල්අඟුරු නැවකින්ම රුපියල් මිලියන 900ක හෙවත් රුපියල් කෝටි 90ක පාඩුවක් සිදුවන බව රණවක මහතා සඳහන් කරයි.
මේ වන විට ලැබී ඇති ගල්අඟුරු තොගය අනුව සමස්ත වංචාව රුපියල් කෝටි 400කට ආසන්න වන අතර, මෙම පාඩුව මහජනතාව මත පැටවීමට රජය සූදානම් වන බවට ඔහු චෝදනා කළේය.
ටෙන්ඩරය ලබාගත් ‘ට්‍රයිඩන්’ සමාගම ඉන්දියාවේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආයතනයක් බවත්, ඔවුන්ට මෙම අවස්ථාව ලබාදීම සඳහා ටෙන්ඩර් කොන්දේසි පවා වෙනස් කර ඇති බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.
මෙම ජාතික අපරාධය වසන් කිරීමට උත්සාහ කරන නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව අනාගතයේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:12
06-02-26
06-02-26
17-01-26
17-01-26
02-11-25
02-11-25
10-10-25
10-10-25
27-08-25
27-08-25
24-07-25
24-07-25
21-07-25
21-07-25
01-07-25
01-07-25
26-04-25
26-04-25
07-04-25
07-04-25
02-04-25
02-04-25
30-03-25
30-03-25