hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2026 ජනවාරි 17, පෙ.ව. 12:09



අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය කලාව, සාහිත්‍යය, ඉතිහාසය, විද්‍යාව ආදී සියල්ල දත් කුතුහලයෙන් යුත් පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීම බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එහි දෙවන අරමුණ හොඳ රට වැසියෙක් නිර්මාණය බවත් තෙවන අරමුණ රටේ ආර්ථික සමාජ ජීවිතයට වැඩදායක රැකියාවක් කළ හැකි කුසලතා පූර්වක මිනිසෙකු බවත් ඔහු පෙන්වාදෙයි.

මෙම අරමුණු තුනම සමබර විය යුතු බවත් රැකියාව පමණක් ඉලක්ක කර නිර්මාණය කරන දරුවන් රට අතහැර විදෙස්ගත වන බවත් මෙරට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ වෙනත් රටවලට බවත් එකස්ත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

දේශමාමක කුසලතාවාදී මිනිසෙකු නිර්මාණය කිරීමේ කිසිදු අරමුණක් ආසියානු සංවර්ධන බැංකු යෝජනා අනුව ගෙන ආ ප්‍රතිසංස්කරණවල තිබේද යන්න ගැටලුවක් බවත් ජනාධිපතිවරයා දෙමාපියන්ට පුනපුනා කියන දරුවාගේ පොත් බෑගයේ බර අඩු කිරීම වෙනුවට කිහිප ගුණයකින් වැඩිවනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙරට අධ්‍යාපනයේ යම්යම් අඩුපාඩු තිබුණද අපොස සාපෙළ උසස් පෙළ තරඟකාරී විභාග මගින් කුසලතාවාදී පිරිසක් තෝරාගත් බවත් ඉන් කොටසක් පාසලට භාර දීමත් සමග ඇඟෑළුම්කම්, හිතවත්කම්, ධනය සහ බලය මත සහතික ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කර ඇති බවට ඔහු චෝදනා කරයි.

එමගින් ජනාධිපති අනුර දිසානායක මේ රටේ මෙතෙක් පැවති කුසලතාවාදී අධ්‍යාපන ක්‍රමයට මරු පහරක් එල්ල කරන බව ද පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: