hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 09, පෙ.ව. 11:11



ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ අනුව මිට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය සමඟ ගණුදෙණු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බවයි.

නමුත් මිතුරු බලවේගයක් ලෙස සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළා.

මින් ඉදිරියට සමගි ජන බලවේගය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ චම්පික මහතා සමඟි ජන බලවේගය හතුරු බලවේගයක් ලෙස නොදකින බවත් සඳහන් කළා.

රජය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් නමුත් වත්මන් ආණ්ඩුවද කරන සුබවාදී කටයුතු වලට සහය ලබා දෙන බවත්ය.

ඒ අනුව අවශ්‍ය සංශෝධන කරමින් 21 වන සංශෝධනයට සහය ලබා දෙන බවත් අගමැතිවරයාට සාධාරණ කාලයක් ලබා දිය යුතු බවත් ඒ අනුව ඒ කාලය තුළ අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවටද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ජූලි අවසානයට පෙර 21 වන සංශෝධනය සමමත කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.