hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මැයි 10, ප.ව. 8:15



අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී අද(10) සවස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසන්නේ පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පලකිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල වූ බවයි.

මෙම ප්‍රහාරයට මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් ඔහු පවසනවා.

මෙම ප්‍රහාරයට කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රහාරයෙන් පියත් නිකේෂල තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවද මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙනවා.