hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 12:11



ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව අද (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා තැබීමට නියමිතයි.

එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමීමට තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: