2023 නොවැම්බර් 29, පෙ.ව. 12:04
ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් සහ එයට QR කේත පද්ධතියක් හඳුන්වා දී ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ප්ලාස්ටික් ඇසුරුම් වශයෙන් භාවිතා කරන ලබන පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් ප්ලාස්ටික් බහාලුම් බොහෝ විට එක් වරක් පමණක් භාවිතා කර පරිසරයට බැහැර කරයි.
එවැනි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇතැම් පාරිභෝගිකයින් විසින් වගකීම් විරහිතව කටයුතු කිරීමත් කාර්යක්ෂම එකතු කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම ත් හේතුවෙන් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතීන්ට ඇතුළුව බාහිර පරිසරයට එකතු වෙමින් පවතී.
එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක කර ඇති අතර එම නියමු ව්‍යාපෘති දෙකෙහි ප්‍රතිඵල මත හිස් බහාලුම් නැවත එකතු ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.
මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයා අදාළ භාණ්ඩය මිල දී ගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබා ගන්නා අතර හිස් බෝතලය හෝ ඇසුරුම් ආපසු ලබා දුන් පසු මුදල් තැන්පතුව ආපසු ගෙවනු ලැබෙනවා.
මෙම ක්‍රමවේදය තවදුරට ත් වැඩි දියුණු කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දෙනු ඇත.
ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීම සහ තෝරාගනු ලබන ආයතන මගින් QR කේතයක් පදනම් කර ගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇත.
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
2025 ජනවාරි 10, පෙ.ව. 9:59
2025 ජනවාරි 10, පෙ.ව. 12:22
2025 ජනවාරි 10, පෙ.ව. 12:12
2025 ජනවාරි 10, පෙ.ව. 12:09
2025 ජනවාරි 10, පෙ.ව. 12:09