hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 26, ප.ව. 3:36



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මේ මොහොතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සහ කිරීමේදී ආරක්ෂක නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

එහිදී විරෝධතාකරුවන් විසින් පොලිසිය අතර ඇති වූ බහින් බස් වීමක් උණුසම් වී වතුර බෝතල් ප්‍රහාරයක් සිදු කර තිබේ.

එහිදී පොලිස් නිලධාරියකුට තුවාල වී ඇති අතර නාසයෙන් රුධිරය වහනය වීමක්ද සිදු වූ බව අප ගගන වාර්තාකරු වාර්තා කරයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ මොහොතේදීත් විරෝධතාකරුවන් හා ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.