2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:11
මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලයේ අපරාධ මදන සහ පාලනයට ත්‍රිවිධ හමුදාවේ ද සහාය ඇතිව පොලීසිය විසින් කළ සෝදිසි කිරීම්වලදී මෙරට ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තීව්‍ර ලෙස පරීක්ෂාවට ලක්ව ඇතැයි පොලිස් සංඛ්‍යා දත්තවිශ්ලේෂණයේදී පෙනී යයි.
අපරාධ මර්දන සෝදිසි කිරීම් ඔස්සේ පුද්ගල පරීක්ෂාවන් ලක්ෂ 51ක් සිදුව ඇති බවත්, එම පරීක්ෂාවන් තීව්‍ර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී උදය කුමාර වුට්ලර් මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
එහිදී මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වීය,
“මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් පමණ වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කර ඇති නවතම සමීක්ෂණයෙන් පෙනී යනවා. ඒ අනුව පොලීසිය විසින් මේ වසරේදී පරික්ෂාවට ලක්කළ පුද්ගලයන් ගණන සමස්ත ජනගහනයේ අනුපාතයක් ලෙස දැක්වීමේදී හතරෙන් එකකට ආසන්නයි. එය ප්‍රතිශතාත්මකව ගත් විට සියයට 23කට වැඩි ප්‍රමාණයක්.
මේ පරීක්ෂා කිරීම් වලදී සැකපිට පුද්ගලයන් 104,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන පුද්ගලයන් 1000කට 05ක් ලෙස දැක්විය හැකියි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 4630 දෙනෙක් විවිධ අපරාධ වලට සම්බන්ධ අයයි. ස්ත්‍රී දූෂකයන්, සොරකම් සඳහා අවශ්‍ය පුද්ගලයන්, වංචාකරුවන්, කොල්ලකරුවන් ආදි විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද මේ අතර සිටිනවා. මේ කාලයේ අධිකරණය මඟහැර සිටින වරෙන්තු කරුවන් ද 76,374 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සමස්තයක් ලෙස පුද්ගලයන් 1000කට 03 දෙනෙක් පමණ වරෙන්තු සම්බන්ධයෙන් මේ කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින වරෙන්තු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 45,490 ක් ද, විවෘත වරෙන්තු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 30,884ක් ද මේ අතර වෙනවා.”
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:14
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:08
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25