2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 2:34
පොලිස් නිළධාරීන් 270දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 219 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරු 51 දෙනෙකු ඇතුළත් බවයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද බලතල පැවරීම ප්‍රකාරව එම ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ මධ්‍යම කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් එස් කුමාරසිංහ ස්ථාන මාරු කර ඇත්තේ තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.
කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් ඩබ්ලිව් ලියනගේ තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ස්ථානමාරු කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ආර් මානවඩු කුරුණෑගල කොට්ඨාසයේ සිට ස්ථාන මාරු කර ඇත්තේ හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එස් අයි ගිනිගේ පානදුර කොට්ඨාසයේ සිට දඹගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා.
පොලිස් නිළධාරීන් 09 දෙනෙකු ජනවාරි පළමුවනදා සිට ස්ථාන මාරු කරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී ආර් ජේ ධර්මකීර්ති දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06