hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 07, පෙ.ව. 9:50



පසුගිය මාර්තු මස 26 වැනිදා සිට මාස තුනක සේවා දිගුවක් ලබා ඇති පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිල කාලය නැවත වාරයක් දීර්ඝ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

පොලිස්පතිවරයාට ලබා දී ඇති මාස තුනක සේවා දීර්ඝය හමාර වන්නේ ජූනි මස 26 වැනිදාය.

ඔහුගේ සේවය නැවත වරක් දීර්ඝ කෙරෙනු ඇත්තේ මෙම තනතුර අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගණනාවකට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙන්.

වත්මන් පොලිස්පතිවරයාට ලබන වසර තෙක් සේවා දීර්ඝ කිරීමක් ලැබෙනු ඇති බවද වාර්තා වනවා.