hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 07, පෙ.ව. 2:15



මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර එළඹෙන අගෝස්තු මස 21 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවති අතර එහිදී කප් සිටුවීම සුභ මොහොතින් අගෝස්තු 17 වැනිදා සිදු කරන බවයි ප්‍රකාශ කළේ.

පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 30 වැනිදා පවත්වා ඊට පසුදින දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර පවත්වා ජනාධිපතිවරයා වෙත පෙරහර මංල්‍යය සාර්ථකව නිමාකළ බවට සංදේශය භාරදීම සිදුකරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.