hit counter

2024 ජූලි මස 05 වන සිකුරාදා

2024 ජූලි 03, පෙ.ව. 12:04



පොලිස් මුලස්ථානය විසින් මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 2024 ජූලි (01) වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

අදාළ ලිපිය ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමක සකස් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

එම ලිපිය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවත් ඒ සඳහා නොරැවටෙන ලෙසද ජනතාවට දැනුම් දෙයි.

එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: