hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 2:01



පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ල වූ කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ උසස් පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන බව ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන, මැටරඹ ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි පවසමින් එම නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බව වාර්තා වෙනවා.