hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 පෙබරවාරි 01, පෙ.ව. 12:03



පොලිසිය පවසන්නේ, මහජනතාව විසින් පොලිසිය වෙත අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම් පිළිබඳ තොරතුරු ලබා දුන් පසු එම තොරතුරු ලබා දුන් පුද්ගලයින් පිළිබඳ විස්තර නැවත වතාවක් අපරාධකරුවන් සහ නීතී විරෝධි ක්‍රියාවන් සිදු කරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ සැකයක් පවතින බව‍යි.

මෙම සැකය දුරු කර මහජනතාව සහ පොලිසිය අතර විශ්වාසය ඇති කර ගැනීමේ අරමුණින්, තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමකින් තොරව පොලිසිය වෙත තොරතුරු ලබා දීම සඳහා “1997” කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයට අනුයුක්තව කොළඹ 07 මළලසේකර මාවතේ පිහිටි විශේෂ කාර්යංශ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, මෙම දුරකථන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිතුමා විසින් සියළුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: