2025 පෙබරවාරි 14, පෙ.ව. 12:06
විදුලි කප්පාදුවක් අද (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය අද උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ නොරොච්චෝලේ තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේ අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත නොහැකි වීම නිසා ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.
නමුත් නවම් පොහොය යෙදී තිබුණු අද (12) දිනයේ පැවති අඩු විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකිවීම මත විදුලි කප්පාදුවක් සිදු කෙරෙුණේ නැහැ.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය අද පෙරවරුවේ නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදත් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.
මේ අතර පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 කඩිනමින් යථා තත්ත්වයට පත්කර එය ජාතික පද්ධතියට එක්කිරීම සඳහා විදුලි ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
2025 අප්‍රේල් 11, පෙ.ව. 9:38
2025 අප්‍රේල් 11, පෙ.ව. 9:03
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:19
04-04-25
04-04-25
18-02-25
18-02-25
16-02-25
16-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
24-12-24
24-12-24
07-11-24
07-11-24
20-09-24
20-09-24
17-09-24
17-09-24