hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි 03, පෙ.ව. 11:22



වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) නව සභාපති බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා 2025 ජනවාරි 2 වන දින එහි ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

චන්ද්‍රකීර්ති මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වේ.

වැඩ භාරගැනීමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගී වී සිටි නිලධාරීන් ඇතුළු පිරිස අමතමින් ඒ මහතා වතුකරයේ ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් දියත් කිරීම වෙනුවෙන් විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමට තමා කැපවී කටයුතු කරන බව පැවසීය.