hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 11:15



කිරිබත්ගොඩ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පාසල් දරුවන් දෙදෙනෙකුට පහරදීම සිදුකළ අවස්ථාවේ CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අදාළ CCTV දර්ශනවල රතු පැහැති තොප්පියක් පැලඳ සිටින්නේ රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයායි.

එහිදී අදාළ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු බිම ඇදගෙන යන අයුරුද එම CCTV දර්ශනවල පටිගතව තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටදී පසුගිය 26 වනදා මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 (වන් ෆෝ වන්) වර්ගයේ කළු පැහැති WP KX 8472 අංක දරන මෝටර් රථයකින් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවා.

තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා ද කිරිබත්ගොඩ පොලිසිය විසින් එදිනම පොලිස් ඇප මත මුදාහැරුණා.

ඔවුන් ඉදිරි දිනකදී පොලිසිය වෙත කැඳවා සමත මණ්ඩලයට යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

පෙම් පළහිලව්වක් නිසා ගුටි ඇණගත් පුතා වෙනුවෙන් ඇමති තාත්තා සමාව ගනී

පෙම් පළහිලව්වක් නිසා ඩිෆෙන්ඩර්වලින් ඇවිත් ඇමති පුතා සිසුන් දෙදෙනෙකුට පහරදීලා