hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 20, පෙ.ව. 12:03



පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය පවසනවා.

මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව ඔහු සඳහන් කළේ.

දියවැඩියාව රෝගයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවසමින් ඔහු සඳහන් කළේ, පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය බවත්, අධික සීනි සහිත ආහාර පරිභෝජනය අඩු කර එළවලු, මස්, මාළු සහිත ආහාර වේලකට යොමුවිය යුතු බවත් තමාගේ උසට සරිලන බරක් පවත්වා ගැනීම වැදගත් බවයි.

තවද තමන්ගේ පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රරෝල් නැමැති රෝග තත්ත්වයන් පවතී නම් හෝ බෙල්ල ප්‍රදේශය කළු පැහැයට හැරී පවතී නම් හෝ මුහුණ ප්‍රදේශයේ කෙස් වැවීම වැනි තත්ත්වයන් පවතී නම් එවැනි අවස්ථා වලදී දියවැඩියාව පරීක්ෂා කර ගැනීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ සහ රෝගයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සැළකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: