hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 11, ප.ව. 12:17



අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (10) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

එකම සේවාවක් ලබාදීම සඳහා වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළා.

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ කඩිනම් කිරීමටත් රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබාගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු – රට දිනවමු” ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමට ද තීරණය කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.

ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිවම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීන් පෙන්වා දුන්නා.

කෘෂිකර්මාන්තයේ දී තරුණයින්ට ප්‍රමුඛතාව ලබාදී වැඩි ඵලදායීතාවක් ළඟා කරගැනීමට සහ නව තාක්ෂණය භාවිතා කිරීමෙන් ඉහළ අස්වැන්නක් සඳහා සැලසුම් සකස් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: