hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2025 අගෝස්‍තු 12, පෙ.ව. 12:06



ජනාධිපති අරමුදලින්, එහි පනතට පටහැනිව විදේශ ශිෂ්‍යත්ව ලබාගත් දේශපාලනඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අයකර ගැනීමට රජය පියවර ගනිමින් සිටී.

රජයේ ආරංචි මාර්ගවලට අනුව, මේ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමට නියමිතය.

නීති අංශ විසින් මෙම ශිෂ්‍යත්ව ලබාගත් අයගේ ලැයිස්තුවක් මේ වන විට පුළුල් ලෙස අධ්‍යයනය කරමින් සිටින අතර, මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් නීතිමය උපදෙස්ද ලබාගෙන ඇත.

ජනාධිපති අරමුදලින් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම අදාළ පනතේ ප්‍රතිපාදනවලට අනුව නීති විරෝධී බව නීති අංශ පෙන්වා දෙයි.

මෙම තොරතුරු අනාවරණය කරමින්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, හිටපු මැති ඇමැතිවරුන්ගේ දරුවන් ඇතුළු 72කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුතු විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇති බවයි.

මෙයින් වැඩි පිරිසක් හිටපු දේශපාලනඥයන්ගේ ඥාතීන් බවද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: