hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 25, ප.ව. 3:29



ලකුණු කළ මිල මකා දමා විදුලි උපාංග හා ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් විකිණිම සදහා තබා තිබූ බද්දේගම ප්‍රදේශයේ  ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැල් හිමියකු කොටුකර ගත් බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද  කාර්යාලය පවසයි.

මෙම වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයින් නොමග යවන අයුරින් මෙම භාණ්ඩවල ලකුණු කළ මිල මකා දමා වැඩි මිලට අලෙවි කිරිම සදහා වෙළදසැල තුල භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබු බව පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලයේ විමර්ශන නිලධාරින් පවසයි.

එසේ මිල මකා දමා තිබූ විදුලි උපාංග හා ගොඩනැගිලි ද්‍රව්‍ය තොගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වෙළදසැල් හිමියාට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරින් විසින් මෙම වැටලිම කර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද