hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 9:00



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විරෝධතාවයක් අද වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පලාතේ සංචාරයක නිරත වෙමින් සිටි අතරතුරදී විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතාවයට සහභාගී වූයේ යුද සමයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක්.

ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට කටයුතු කලද පොලීසිය මැදිහත් වී ඔවුන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.