2026 පෙබරවාරි 07, පෙ.ව. 12:21
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිකුත් කළ නිවේදනයට අනුව, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවත්, එහිදී වංචාවක් හෝ අක්‍රමිකතාවක් අනාවරණය වුවහොත් විදුලි බල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඉවත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට බවත් පක්ෂය අවධාරණය කරයි.
මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් බවත් පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී හෙතෙම මෙසේ ද පැවැසුවේය
”ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ගල්අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වල බරපතළ වැරැදි තිබෙනවා. මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු. විදුලිබල ඇමැතිවරයා මේ සම්බන්ධ අලුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබාදී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා. ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලනඥයකුගේ සමාගමකින් අධික මිලට ගල්අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරැදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරකම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. 2023දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේදී කිව්වා. විදුලි ඇමැතිත් මුලින් ඔහොම කියලා අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කළා.
2026 මාර්තු 30, පෙ.ව. 12:29
2026 මාර්තු 30, පෙ.ව. 12:14
2026 මාර්තු 30, පෙ.ව. 12:13
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 30, පෙ.ව. 12:10
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26