hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 12, පෙ.ව. 7:34



ඉන්ධන කෝටාව හෙවත් QR ක්‍රමය අඟහරුවාදා දිනයේ දී යාවත්කාලීන කිරීමට ගත් තීරණය නිසා සෙනසුරාදා ඉරිදා දිනවල අතිකාල දීමනා ලෙස සේවකයන්ට ගෙවූ රුපියල් කෝටි දෙකක මුදලක් මසකට ඉතිරිවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වියදම් සීමා කිරීමේ අරමුණින් QR කේතය යාවත්කාලීන කරන දිනය ඉරිදා දිනයෙන් අඟහරුවාදා දිනට මාරු කළ බව ද ඇමැතිවරයා සඳහන් කර සිටියා.

මින් පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අලුත් සේවකයන් බඳවා නොගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළා.