2023 ජූනි 11, ප.ව. 2:28
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාලය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
නවක සිසුන් පිරිසකට පිළිණු බත් කවා අමානුෂික ලෙස හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම පංති තහනම සිදුකර ඇත්තේ.
පංති තහනමට ලක්වූ සිසුන් විසින් කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 05 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළිණු බත් කෑමට දී පරුෂ වචනයෙන් බැණ වැදී පහරදී තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
නවක සිසුන්ට හිංසා කළ දෙවන වසරේ සිසු පිරිසකගේ පංති තහනම තාවකාලිකව ලබාදුන් එකක් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසනවා.
ඉකුත් 10 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පන්ති තහනම් පනවා තිබෙනවා.
මහනුවර – කමල් සුරවීර
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56