hit counter

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2026 මාර්තු 27, පෙ.ව. 9:17



ජාතික නාමල් උයන ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බවත්, එවැනි වැඩපිළිවෙලවල් රැසක් නිලධාරීන්ට සිදුකළ හැකි බවත්, එහි නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ, අදාළ නිලධාරීන්ට පුටුවල වාඩි වෙලා නොඉඳ මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට කටයුතු කළයුතු බවයි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කළ අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

එහිදී රාහුල හිමියෝ මෙසේද පැවසූහ.

”කේබල් කාර් ව්‍යාපෘතියක් දාන්න පුළුවන් ජනාධිපතිතුමා. ඒ වගේ වැඩපිළිවෙල කොච්චර තියනවද කරන්න. මං විජිත ඇමතිතුමාට කිව්වා. සංචාරක මණ්ඩලයේ සභාපතිතුමා ඉන්නවද දන්නෑ. ඔබතුමාලට ඔය පුටුවලට වෙලා වාඩිවෙලා ඉන්නවට වඩා ගොඩාක් දේවල් තියෙනවා කරන්න. මම කියන්නේ ජනාධිපතිතුමා ඔය කොළඹට එන රාජකීය අමුත්තෝ ඔක්කොම ජනාධිපතිතුමා හම්බ වෙනවා. අගමැති හම්බ වෙනවා. නුවරටයි, දළදා මාලිගාව, අනුරාධපුරයටයි, දඹුල්ලටයි, සීගිරියටයි යනවා. මේවට එවන්නකෝ. මේවා මිනිස්සු දැනුවත් වෙන්න එපැයි. පරිසරය නොමැති කරලා ලෝකේ පැවැත්මක් නැහැ. ඉතින් මම කියන්නේ ඔබතුමාලා ඔය තනතුරු අරගෙන ඔබතුමාලා ඔය වගේ ඉන්නවාට වඩා මේවට යමක් කරන්න තියෙනවා. අපිත් එක්ක එක්කහු වෙන්න. අපි ළඟ උපදෙස් තියෙනවා. අපේ නායකත්වය දෙනවා. කළමනාකරණය අපි ළඟ තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.

කවුරුවත් මේ තරහ වෙන්න එපා. ඉතින් මේක මගේ හැටි. තොප්පිය හොඳ කෙනෙක් ඕන කෙනෙක් දාගන්න. ඒකේ කිසි ගැටලුවකුත් නැහැ. ඉතින් ඒක නිසා, ජනාධිපතිතුමා ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකරලා මට වෙන මොකක්වත් එපා මිනිස්සු වෙනුවෙන් ඉස්පිරිතාලේ ඉස්කෝලේ හදලා දෙන්න. ඉතින් ඒක නිසා මට වෙන යමක් කියන්න දෙයක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: