hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 5:37



දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැව තිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.