hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 10:47



ඓතිහාසික රජගලතැන්න කැනීම්වලදී රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්තුප 8 ක් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ හිටපු මහාචාර්ය, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී. මණ්ඩාලවල මහතා පවසනවා.

මිහිදු මහා රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථුපයට ඉහලින් මෙම ස්ථුප 08 හමුවී තිබෙනවා.  

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව 2012 වසරේදී රජගලතැන්න පුරාවිද්‍යා බිමේ කැණිම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මිහිදු මහා රහතන් වහන්සේ ගේ ධාතූන් තැන්පත් ස්ථුපය පිළිබදව එය සොයා බැලීමේදි ස්ථුපය වටා පාෂණවලින් සකස් කරන ද වේදිකාවක් සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව එය සංරක්ෂණය කර එම ස්ථානයට උඩින් ගල්කුට්ටි තිබූ ස්ථාන කැණිම් කිරීමේදි සුවිශේෂ වශයෙන් ස්ථුප ගණනාවක් හමු වී තිබෙනවා.

මේ සියලු ස්ථුප හමුවී ඇත්තේ මිහිදු ස්ථුපයට උඩින් වන අතර රජගලතැන්න ශිලා ලිපිවල රහතුන් වහන්සේලා රජගලතැන්නේ වැඩ සිටි බවට සදහන් වී තිබෙනවා.

මෙම ස්ථුප ඒ රහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්ථූප බවත් ඉදිරියටත් මෙවැනි ස්ථුප හමුවිය හැකි බවත් මහාචාර්ය මණ්ඩාවල මහතා කියා සිටියා.