hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 අගෝස්‍තු 22, පෙ.ව. 10:27



හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඔහුට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ ඊයේ (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අවධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝස්මක් මගින් අල්ලස් කොමිෂම කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට නොතිසි නිකුත් කළේය.

ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවකට අවධිමත්ව අනුමැතිය ලබාදීම සහ කැනීම් යාන්ත‍්‍රායක් අවධිමත්ව බදු පදනම මත ලබා දී ඇති බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර ඇති හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙලෙස දැන්වීම ඇලවීම සහ ප්‍රසිද්ධියේ ශබ්ද වාහීනී යොදා ගනිමින් දැනුම් දීම සිදු කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: