2026 ජනවාරි 04, පෙ.ව. 12:10
තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ මිල අඩු කිරීම සහ ලංකාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
එම කාලය තුළ තමන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා 29ක් නිර්මාණය කළ බවත් 29 වැනි කර්මාන්තශාලාවේ කටයුතු පසුගියදා ආරම්භ වූ බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම කර්මාන්ත ශාලාවල කටයුතු අවසන් වූ පසු ලංකාවට අවශ්‍ය සියලුම ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙන බව ද රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
කොවිඩ් වසංගතය අවස්ථාවේ බොහෝ රටවල් ඖෂධ අපනයනය නතර කළ අවස්ථාවේ රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කළේ මෙම කර්මාන්තශාලාවල බව ද ඔහු සිහිපත් කරයි.
හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 05, පෙ.ව. 12:12
2026 ජනවාරි 05, පෙ.ව. 12:10
2026 ජනවාරි 05, පෙ.ව. 12:09
2026 ජනවාරි 05, පෙ.ව. 12:07
30-12-25
30-12-25
14-12-25
14-12-25
15-11-25
15-11-25
12-11-25
12-11-25
03-11-25
03-11-25
01-10-25
01-10-25
24-09-25
24-09-25
18-09-25
18-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
28-08-25
28-08-25