hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:02



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසන්නේ චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක්ම දූෂණය සහ අල්ලස විසඳිය නොහැකි බවයි.

අල්ලස් කොමිසම විසින් මේ ගැටලුවේ මූලික ස්වභාවය හඳුනාගෙන ඇති අතර විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සහ රාජ්‍ය ආයතන තුළ අල්ලස සහ දූෂණය පිළිකාවක් මෙන් මුල් බැසගෙන තිබෙන බව රංග දිසානායක මහතා පවසයි.

මෙම තත්ත්වය කෙතරම් සංකීර්ණද යන්න තමන්ට අවබෝධ වූයේ අල්ලස් කොමිසමට එක් වූ පසුව බවත් දූෂණයට එරෙහිව හඬ නගන බොහෝ දෙනාම අවසානයේදී දූෂිත ක්‍රියාවන්ටම යොමුවන බවත් ඔහුට දැන් පැහැදිලි වන බව ඔහු පවසයි.

සිස්ටම් වෙනස් කළ යුතු බව සියලු දෙනා පැවසුවත් , ඒය තමනට ලං වූ විට බොහෝ දෙනා තම ස්ථාවරය වෙනස් කරන බවත් මෙය තමා පෞද්ගලිකවම අත්දැකීමෙන් තේරුම් ගත් සත්‍යයක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අතර ‘දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්’ සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසුවේය.