hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:06



ජනාධිපතිවරයා වහාම පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) සඳහන් කරයි.

ජනාධිපති සහ අගමැති කාර්යාලවල ආපද‍ා මෙහෙයුම් මධ්‍යස්ථාන නැති බවත් පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපද‍ා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: