hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 07, ප.ව. 1:59



කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශය විශේෂ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව මෙම නව සංචාරක කලාපය ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය, විදේශ කටයුතු අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුුතු කරනු ඇති.

වසර සියයකට වඩා පැරණි අදාල ගොඩනැගිලි සංචාරකයන් ආකර්ශනය වන ස්ථාන ලෙස සංවර්ධනය කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.