2023 ජනවාරි 27, පෙ.ව. 8:08
75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට ඊයේ (26) උපදෙස් ලබාදුන්නා.
ඒ නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවක් පැවැත්වුණි.
නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්. එ.ජා.ප.යෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ.. ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා. ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.”
“මම උදාහරණයක් කියන්නම්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ප්‍රසංගයක් කරනවා. ඒකට අවශ්‍ය මුදල් ඒ අයම හොයාගන්නවා. අපි දෙන්නේ නෙළුම් පොකුණ නොමිලේ දෙන එක විතරයි. අන්න එහෙම අපි වැඩකටයුතු කරන්න ඕනේ. 75 වන සංවත්සරය තියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්නම් රටටටයි හොඳ නැත්තේ. ලෝකය කියයි මේක කරන්නත් සල්ලි නෑ කියලා. ආයෝජකයෝ, සංචාරකයෝ ගේන්න නම් මේ වගේ වැඩ කරන්න ඕනේ.”
2025 අප්‍රේල් 18, ප.ව. 8:22
2025 අප්‍රේල් 18, ප.ව. 3:05
2025 අප්‍රේල් 18, ප.ව. 3:00
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25