hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 28, ප.ව. 1:40



මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැත.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබුණා.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.