hit counter

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 15, ප.ව. 1:40



නිදහස් මාධ්‍යවේදියෙකු හා නිවේදකයෙකු ලෙස කටයුතු කරන ලද අයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවය කල රූපවාහිනි නාලිකාවෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්වීමක නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත ඔහු සමඟ තිබූ සේවා ගිවිසුම අවලංගු කරනා බව කියමින් මෙලෙස සේවයෙන් ඉවත් කරන ලද බව ඔහු පවසයි.

ඉකුත් අගහරුවාදා රාජගිරිය තැප්‍රොබේන් උත්සව ශාලාවේ පැවැති යුනයිටඩ් යූත් තරුණ එකමුතුව සංවිධානය කළ තරුණ හමුවේ නිවේදන කටයුතු කරනු ලැබූවේ ඔහු විසිනි.

එම තරුණ හමුව මෙහෙය වීමේ කටයුතු ඔහු මුදල් ලබාගෙන කර තිබූ නමුත් අදාල නාලිකාව ඔහු සිය සේවා ගිවිසුම කඩකළ බව කියමින් මෙලෙස සේවයෙන් ඉවත් කර තිබෙනවා.

ආයතනයේ වැඩසටහන් කිහිපයක්ද ඔහු විසින් මෙහෙයවන ලදී.

ආයතනයෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩසටහනක නිවේදකයෙකු ලෙස කටයුතු කිරීම බව හෙතෙම  පවසයි.