2025 පෙබරවාරි 22, පෙ.ව. 12:15
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පෙරමුණේ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසනවා.
මෙම පුවතේ සත්‍යතාව පිළිබඳව සිදු කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය සඳහන් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්ව නොමැති බවයි.
දැනට ජාතික ලැයිස්තුව හරහා පක්ෂයේ දෙදෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් අයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ නම් එම දෙදෙනාගෙන් එක් අයෙකු ඉවත් විය යුතු බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බවට, එක්සත් ජාතික පක්ෂයේම කිහිපදෙනකු විසින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙනයමින් සිටින බවයි.
පසුගිය මහමැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර, එම මන්ත්‍රීධුර නියෝජනය කරනු ලබන්නේ, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික ලේකම් රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්.
2025 පෙබරවාරි 22, ප.ව. 2:22
2025 පෙබරවාරි 22, ප.ව. 12:43
2025 පෙබරවාරි 22, ප.ව. 12:08
2025 පෙබරවාරි 22, පෙ.ව. 11:23
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:30
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
22-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
21-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25
20-02-25