2023 ජූනි 13, පෙ.ව. 10:23
මුලතිව් ඉඩම් නිදහස් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී පුරාවිද්‍යා භූමියකට ඉඩම් ලබාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අතර විවාදාත්මක සංවාදයක් ඇති වුණා.
අදාළ ප්‍රදේශයේ පිහිටි කුරුන්දිමලේ විහාරස්ථානයට අයත් භූමියේ වපසරිය ගැන මෙම සංවාදය ඇතිවූ අතර එහිදී ජනාධිපතිවරයා එම විහාරයේ ඉතිහාසය තමා කියා දෙන්න දැයි ජනාධිපතිවරයා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් මහතා – ඇමැතිතුමාත් පොරොන්දු වුණා ජනරාල්තුමාත් පොරොන්දු වුණා, තන්නිමුරිපුර් ඉඩමේ ජුනි 31ට ඉස්සෙල්ලා ලියුම් දෙන්නම් කියලා. තවම දීලා නැහැ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා – මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. මට ලියුමක් ලබා දෙන්න හරි අමාරුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – මේ සඳහා කැබිනට් ප්‍රතිපත්තියක් තියෙනවා. ඔබ එය අනුගමනය කරන්න.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් මහතා – අවුරුදු දෙකක් මිනිස්සු කුඹුරු කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – මෙතන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ දෙයක්. ඊළඟ පාර ඔබ කිව්වොතින් ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැහැ. එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සඳහා අක්කර කීයක් ඕනේද?
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා – දැනට අක්කර 72ක් තියෙනවා. අපි තව 200 ගාණක් ඉල්ලලා තියෙනවා සර්. එතැනින් මිනිස්සු වගා කරන ඉඩම් තියෙන්නේ අක්කර 5යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – ඒ අක්කර 5 දෙන්න පුළුවන්ද?
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා – සර් ඒකත් තියෙන්නේ අපිට නෙමෙයි වන රක්ෂිතය යටතේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – ඕගොල්ලෝ අක්කර 275ක් ගත්තොත් මේ විහාරය මහා විහාරයටත් වැඩිය ලොකුයි. ඉතින් මම අහන්නේ මහා විහාරයයි, ජේතවනාරාමයයි, අභයගිරියයි ඔක්කොම දැම්මත් අක්කර 100ක් නැහැ. දැන් මට කියන්නේ ඊට වඩා විශාල විහාරයක්ද?
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා – නැහැ සර් මේකයි ප්රශ්නය වෙලා තියෙන්නේ. ඒ පැත්තේ ගවේෂණය කරලා අවුරුදු දෙකක් ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්තම් මම ඔබතුමන්ට ඉතිහාසය උගන්වන්නද? කවුද කරන්නේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා – සර් මහා විහාරය තරම් ලොකු එකක් නෙමෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – එහෙනම් ඉතින් ඊට වඩා පොඩි වෙන්න ඕනනේ. ඒක වැදගත් එකක්. මම හිතන්නේ ද්‍රවිඩ බෞද්ධ අය හිටපු එකක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ අක්කර 275ක් වෙන්න බැහැ. මේක වැදගත් පුරාවිද්‍යා ස්ථානයක්. මෙතන තමයි ද්‍රවිඩ බෞද්ධ විහාරයක් තිබුණේ. ඒකෙන් සනාථ වෙන්නේ පොත්කුහ කියන මහ ඇමැතිවරයා. අහලා තියෙනවාද එයා ගැන. ඒ ස්ථානය ආරක්ෂා කරන්න ඕනේ. ඒක වැදගත්. හැබැයි කොච්චර ඉඩම් වුවමනාද කියන එක තමයි තියෙන්නේ.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06