hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූනි 15, පෙ.ව. 10:36



ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදු වන හානි බලපෑම් හා තර්ජන වහා ම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත 13 වනදා පෙත්සමක් යවා තිබෙනවා.

උතුරේ එක්සත් ධීවර සමිති සංගම් එකමුතුව නියෝජනය කරමින් මෙම පෙත්සම එහි සභාපති ඒ. අන්නාරාසා විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දෙනු ලැබ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යැවීම පිණිසයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟදී ම ඉන්දියාවේ සංචාරයක් අරඹන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කොට අවසන් විසඳුමක් ලබාගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් උතුරේ ධීවර සමිති එකමුතුව ඉල්ලා තිබෙනවා.

ඉන්දීය ධීවරයන් බලහත්කාරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන අතරවාරයේ චීන ධීවර සමාගම් ශ්‍රී ලංකාවේ දකුණේ ධීවර සංගම් තුළට රිංගා නීති විරෝධී ලෙස මසුන් මැරීම නිසා උතුරේ ධීවරයන්ට හා ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති නිසා මේ ගැටලු ඉන්දීය හා ශ්‍රී ලංකා නායකයන් සාකච්ඡා කොට අවසන් නිගමනයකට පැමිණිය යුතු බව උතුරේ ධීවර සමිති පෙන්වා දෙනවා.