hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 1:16



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් මෙවර මහ මැතිවරණයේදී රන්ජන් රාමනායක මහතා පිහිටුවා ගෙන තිබෙන නව පක්ෂය වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ’ පක්ෂය සමඟ අද (09) එක් විය.

ඒ අනුව නව “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ” පක්ෂයේ ජාතික සංවිධාකයවරයා ලෙස ටී. එම්. ඩිල්ෂාන් කටයුතු කරන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද එම පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරයි.

තිලකරත්න ඩිල්ෂාන් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුර නියෝජනය කළ අතර ඔහු සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත් කෙරුණි.

කෙසේවෙතත් ජනාධිපතිවරණය අවසන් වී මසක් ඉක්ම යන්නටත් පෙර ඔහු සජිත් ප්‍රේමදාස මහතාව හැර දමා වෙනත් පක්ෂයක ජාතික සංවිධාක ධූරයක්ද හිමි කරගෙන තිබේ.

මීට ඉහතදී දැඩි රාජපක්ෂ හිතවාදියෙකු ලෙස කටයුතු කළ තිලකරත්න ඩිල්ෂාන් මහතා 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටද කටයුතු කළේය.

තිලකරත්න ඩිල්ෂාන් මහතා මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත පුරවැසියෙක්ද වෙයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: