hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 21, ප.ව. 3:57



බෞද්ධයන්ගේ ඉමහත් වන්දනීයත්වයට පාත්‍රවන කරණීය මෙත්ත සූත්‍රයේ පාඨ යොදාගෙන සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාණය කර ඇති සංගීත වීඩියෝව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇත.

බෞද්ධයන්ගේ ආරක්ෂක පිරිතක් ලෙස සැලකෙන මෙම සූත්‍රය යොදාගෙන මෙවැනි කටයුතු සිදුකිරීම බෞද්ධ සම්ප්‍රදායට එල්ල කළ බලවත් නිග්‍රහයක් බව මහා සංඝරත්නය පවසනවා.

මේ පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත ද පැමිණිලි ලැබී ඇති අතර අදාළ වීඩියෝව ෆේස්බුක් සහ ටික්ටොක් සමාජජාලවලින් ඉවත් කිරීමටත් එය ප්‍රචාරය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය සහ විදුලි සංදේශන කොමිසන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිවරයා දැනුම් දී තිබෙනවා.