hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 18, ප.ව. 2:54



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම්කර තිබේ.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය.

ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය.

ඊට අමතරව එම පක්ෂයෙන් අනුරාධ ජයරත්න (මහනුවර), රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල) මහ මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්හ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: