hit counter

2024 නොවැම්‍බර් මස 17 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 3:02



දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ  ගලගොඩ වැඩ අංගනයේ සවිකර තිබු  ඇස්පෝල්ට් යන්ත්‍රය වෙන්දෙසි කිරිම සදහා තක්සේරු කිරිමේදී රුපියල් තිස්දෙලක්ෂ,හැත්තැහතරදහස්,හත්සිය අසුහතරක (රු.3,274,784) පාඩුවක්  අධිකාරියට සිදුවී ඇති බව  ජාතික විගණන කාර්යාලය  පවසනවා.

මෙකී යන්ත්‍රයේ වටිනාකම තක්සේරු කිරිමේදී  යන්ත්‍රය තුළ වූ තාර ලිටර්  21,782ක්, සහ  ඩීසල් ලීටර් 4028ක්  පිළිබඳ සැලකිල්ලට නොගෙන  තක්සේරු කර තිබීමෙන්  අධිකාරියට මෙකී පාඩුව වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම මෙකී යන්ත්‍රය වෙන්දෙසි කිරිමේ දී තක්සේරු කාර්යය සදහා  පත්කළ කමිටුවට  විශේෂඥ දැනුම සහිත  බාහිර පාර්ශවයකින්  එක් සාමාජිකයෙකු හෝ පත්කර නොතිබූ බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

 එම කමිටුව මඟින් මෙකී වත්කම සදහා ලබාදුන් තක්සේරුව රුපියල්  එක්කෝටි හාරලක්ෂයකි.(10,400,000)

එහෙත් මෙකී යන්ත්‍රය වෙන්දෙසියේ දී  රුපියල්  දෙකෝටි එකොළොස්ලක්ෂයකට (රු.21,100,000) අලෙවි වි තිබු බවද විගණන වාර්තාවෙ සදහන් වේ.

ඒ අනුව තක්සේරු වටිනාකම නිවැරදි නොවන බවට සනාත වී ඇති බවද විගණන මගින් අනාවරණය කොට තිබෙනවා.

පරික්ෂණ කටයුතු කඩිනම් කර  සිදුවී ඇති පාඩුව  අයකරගැනිමට කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ  ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ  දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ  නීතීඥ සහාය ඇතිව  මේ සම්බන්දව නීත්‍යානුකූල කටයුතු කරගෙන යන බවයි.

මේ සම්බන්දයෙන් විගණන විමසුමට අනුව  අධිකාරිය මගින් දැනට යන්ත්‍රය භාරව  සිටි නිලධාරින් සම්බන්දයෙන්  පරික්ෂණයක් සිදුකරගෙන යන බවයි.

2023 මාර්තු මස 24 පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ  නියෝගය අනුව මේ පිළිබඳ 2023 අප්‍රේල් මස 19 අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කර  ඒ සදහා පරික්ෂණ මණ්ඩලයක්  පත්කිරිමට  2023  අප්‍රේල් මස 20 දිනැති ලිපිය මගින්  අමාත්‍යංශ ලේකම් වෙත ඉල්ලම් කර ඇති බවයි.

දකුණු පළාත් සභාව සම්බන්දයෙන්  2022 වර්ෂයට  අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කර තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද

Example Image