hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 ජූනි 10, පෙ.ව. 12:03



පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පවතින පිරිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙසද ඔහු දැනුම් දෙයි.