hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 17, පෙ.ව. 1:08



රාජ්‍ය  හා පුද්ගලික අංශයේ ආයතන මගින් ඉකුත් මාස 15ක කාලය තුලදි මෙරටට  සහල් මෙට්‍රික්ටොන් 922,620ක  ආනයනය කොට ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2021 වර්ෂයේ නොවැම්බර් මස 02 දින සිට 2023 පෙබරවාරි මස 15 වැනි දින දක්වා කාලය තුලදි මෙම සහල් තොග ආනයනය කොට තිබෙනවා.

මුළු සහල් ආනයනයෙන් සහල් මෙට්‍රික්ටොන් 80,842ක් ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ නිතිගත සංස්ථාව මගින් ආනයනය කොට  තිබෙනවා.

මේ සදහා රජය විසින්  2022 ජනවාරි මස රුපියල් මිලියන 1350ක් හා පෙබරවාරි මස රුපියල් මිලියන 5135ක  වටිනාකමින් යුත් භාණ්ඩාගාර ඇපකර මහජන බැංකුව වෙත නිකුත් කරමින් ඉන්දියාවෙන් සහල් ආනයනය කිරිම සදහා ශ්‍රි ලංකා රාජ්‍ය  වාණිජ නිතිගත සංස්ථාවට අවශ්‍ය පහසුකම් සපයනු ලැබුවා.

2022 වර්ෂයේ සහල් මෙට්‍රින්ටොන් හය ලක්ෂයක පමණ හිගයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර සහල් ආනයනය කිරිමට පියවරගනු ලැබුවා.

කෙසේවුවද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පුරෝකථනය කරනු ලැබු 2022/2023 මහ කන්නයේ ඇස්තමේන්තුගත අස්වනු ප්‍රමාණය සැලකිල්ලට ගෙන බාස්මති සහල් හැර සියලුම සහල් වර්ග ආනයනය කිරිමට රජය විසින් තින්දු කරනු ලැබුවා. 

කෙසේවුවද මේ වනවිට වි කිලෝවක මිල රුපියල් 65,70 දක්වා පහත වැටි ඇති බවට ගොවින් චෝදනා කරනවා.

ගාල්ල – ලලිත් චාමින්ද

Example Image