2024 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:13
මේ රටේ කිසිදු සහල් හිඟයක් නොමැති බවත් මෙහෙම ගියොත් හාල් වලටත් QR ගේන්න වෙන බවත් තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී පවසනවා.
ඒ, සහල් හිඟය පිළිබඳව කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින්.
‘‘හැමදාමත් ලංකාවේ සහල් මිල, වී මිල තීරණය කළේ මහ මෝල්හිමියන් දෙතුන් දෙනෙක් විසිනුයි. හැම ආණ්ඩුවකටම සිදු වුණා ඒ අය කියන මිල ගණන් යටතට එන්න. මේ පාර වුණත් රුපියල් 10කින් හාල් මිල වැඩි කර ගන්න ඒ අයට පුළුවන් වුණා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සහල් නිෂ්පාදකයන් හැමදාමත් මිල පාලනයට යටත්ව තමයි වී මිලදි ගැනීම සිදු කළේ. නමුත්, මහ මෝල්ලු මිල පාලනයට ඉහළ ගිහින් වැඩි මිලට රටේ තියෙන වී ටික මිලදී අරගෙන ගබඩා කර ගන්නවා. එහෙම වුණාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වී මිලදී ගන්නේ ඉතා අඩු වශයෙන්. මොකද වැඩි මිලට වී මිලදී අරගෙන මිල පාලනයට යටත්ව සහල් විකුණන් බැරි නිසා.
මේ වෙනකොටත් වෙළෙඳපොළට සියයට හැටකට (60%)කට වැඩි ප්‍රමාණයක් හාල් දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසිනුයි. මේ අය සන්තකයේ විශාල ප්‍රමාණයේ වී තොග නෑ. සුළු හා මධ්‍ය පරිමාණ අය මිලදී ගන්න වී ටික දිනපතා කොටලා වෙළෙඳපොළට නිකුත් කරනවා.
මේ අතරේ වී තොග මහා පරිමාණයෙන් රැස්කරලා තියාගෙන ඉන්න අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ වී තොග ඉවර වෙනකොට තමයි එයාලා වී තොග එළියට දමන්න පටන් ගන්නේ. ඔය වී තොග තියාගෙන ඉන්න සමහර අය ළඟ මෝල්වත් නෑ. මේක ජාවාරමක්. මෙහෙම කෘතිම සහල් හිඟයක් පෙන්නලා එක සැරේම මහ මෝල්කාරයෝ සහල් මිල ඉහළට ගන්නවා. ඒ කරලා එයාලා ළඟ සඟවාගෙන තියෙන වී තොග එයාලා සහල් කරලා වැඩි මිලට එළියට දාලා විශාල ලාභයක් ලබනවා.
මෙහෙම යද්දි තමයි ජනාධිපතිතුමා මෝල්හිමියන් සමග සාකච්ජාවක් පැවැත්තුවේ. ඒකෙදි වුණේ තිබෙන හාල් මිලට තව රුපියල් 10ක් මෝල් හිමියන් එකතු කර ගත්ත එක. ඒකෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා කබලෙන් ළිපට වැටුණා. දැන්වත් මේක නැවතිය යුතුයි.’’
2025 අප්‍රේල් 02, ප.ව. 2:50
2025 අප්‍රේල් 02, ප.ව. 2:39
2025 අප්‍රේල් 02, ප.ව. 12:23
2025 අප්‍රේල් 02, පෙ.ව. 11:49
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:28
30-03-25
30-03-25
25-03-25
25-03-25
14-03-25
14-03-25
12-01-25
12-01-25
21-12-24
21-12-24
20-12-24
20-12-24
15-12-24
15-12-24
30-10-24
30-10-24
09-06-24
09-06-24
11-03-24
11-03-24
25-02-24
25-02-24
05-10-23
05-10-23