2025 ජනවාරි 12, පෙ.ව. 12:12
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
එමෙන්ම,මේ වන විට වී අස්වනු නෙළීමේ කටයුතු ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇත.
ඒ හේතුවෙන් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බව ඒ මහතා කියා සිටියේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (11) ලුනුගම්වෙහෙර පන්නෙගමුව වී ගබඩා සංකීර්ණය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් ය.
ඒ එහි නවීකරණය කර වී ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා ය.
තවද, රජය විසින් මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.
මේ අතර, පෙරේදා (10) මධ්‍යම රාත්‍රියෙන් සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය අවසන් විය.
2025 අප්‍රේල් 02, ප.ව. 2:50
2025 අප්‍රේල් 02, ප.ව. 2:39
2025 අප්‍රේල් 02, ප.ව. 12:23
2025 අප්‍රේල් 02, පෙ.ව. 11:49
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:28
30-03-25
30-03-25
25-03-25
25-03-25
14-03-25
14-03-25
21-12-24
21-12-24
20-12-24
20-12-24
18-12-24
18-12-24
15-12-24
15-12-24
30-10-24
30-10-24
09-06-24
09-06-24
11-03-24
11-03-24
25-02-24
25-02-24
05-10-23
05-10-23