hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 25, පෙ.ව. 12:04



වැඩි මිලට සහල් විකුණන ස්ථාන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොතකුත් සිදු කළද එවැනි වෙළෙඳ සල්වලින් ජනතාව සහල් මිලදී ගැනීම සිදු වන්නේ යැයි එම අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය.

පාරිභෝගික අයිතීන් පිළිබඳව ජනතාව දැනුවත් වීම වැදගත් යැයිද වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසල් ප්‍රතික්ෂේප කිරීමෙන් ජනතාව සහාය විය යුතු යැයි බණ්ඩාර මහතා පැවැසීය.

දැනුවත් කිරීම් සම්බන්ධයෙනුත් ජනතාව ලොකු උනන්දුවක් නොමැති යැයිද නොදැනුවත්කම නිසාම ඒවාට හසුවන්නේ
යැයි ඔහු කීවේය.

මේ අතර පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ සිදුවන අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා රාත්‍රී කාලයේද විශේෂ වැටලීම් කරන්නේ යැයි හෙතෙම අවධාරණය කළේය.

මේ අතර උත්සව සමයේ පාරිභෝගිකයන් බහුලව නොමඟ යැවීම සිදුවන්නේ යැයි භාණ්ඩවල තොරතුරු වෙනස් කිරීම්, කල් ඉකුත් වූ දින වෙනස් කිරීම, ලේබලයේ තියෙන දේ ඇසුරුම් වල නොමැති වීම, ප්‍රදර්ශනය කරන මිලට වඩා භාණ්ඩයේ මිල වැඩි වීම, කොන්දේසි පොඩි අකුරෙන් දමා තිබීම වැනි තත්ත්ව නිරීක්‍ෂණය වන්නේ යැයි ඔහු කීවේය.

සතියේ දිනවල කාර්යාල වේලාවන් වලදී පමණක් 1977 දුරකථන අංකයෙන් පැමිණිලි සහ දැනුවත් වීම් ලබාගතහැකි යැයි බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: