hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 30, පෙ.ව. 4:09



කෘතිම සහල් හිඟයක් නිර්මාණය කරමින් වෙළෙඳපොළේ සහල් මිල ඉහළ නැංවීමට ඇතැමුන් කටයුතු කරන බවට වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පාරිභෝගිකයින් පීඩාවට පත් කිරීමට මෝල් හිමියන් එසේ කටයුතු කරන්නේ නම් යළිත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.

උත්සව සමයේ පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහල් සැපයීමට රජය මැදිහත් වන බවත් හෙතෙම අවධාරණය කරයි.

පැවැති ගංවතුර සහ ආපදා තත්ත්වය හමුවේ මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න නොලැබුන අතර මහ කන්නයෙන් වී මෙට්‍රික් ටොන් මිලියන 2.9ක අස්වැන්නක් අපේක්ෂා කළ ද එය මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් දක්වා පහළ බැස ඇත.

ඒ අනුව මේ වන විටත් වෙළඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා හිඟයක් මතුව තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: