hit counter

2025 ඔක්‍තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10



ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වසර වලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රුපියල් 15,157,031,018ක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී ඇත.

පසුගිය 2014 සහ 2015 වසර වලදී සිදුකර තිබුණු ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124ක ආදායමක් බව එහිදී පෙන්වා දී ඇත.

වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධාන වලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බැවින් රුපියල් 15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු සිදුව ඇත.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාවට පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනු කිරීමට භාරදී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: